ජනවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    විශේෂාංග

    අනුරපුර  කලාකාමි රසික හදවත් ප්‍රබෝධවත් කරමින් 2014 අනුරාධපුර දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවය කැබිතිගොල්ලෑව මධ්‍ය විද්‍යාලයේ දී ඔක්තෝබර්  9 හා 10 යන දෙදින තුළ දී පැවැත්විණි.

    ජාත්‍යන්තර වැඩිහිටි දිනය සැම වසරකම ඔක්තෝබර් 01 වෙනි දින ලොව පුරා සමරනු ලැබේ. ශ්‍රී ලංකාව ද එදින ජාත්‍යන්තර වැඩිහිටි දිනය සමරයි.

    ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 69 වන සැසිවාරය අමතමින් පවසයි

     

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ටික දෙනෙකුගේ දුෂ්ට සංකල්පිත න්‍යායපත්‍රයක අගතියට ලක් වූ වෙකු බවට පශ්චාත්-යුධ ශ්‍රී ලංකාව ද, පත් වී ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 69 වන සැසිවාරය අමතා ප්‍රකාශ කළේය.

    කාලගුණික විපර්යාස හේතුවෙන් රටට සිදුවිය හැකි බලපෑම ආමන්ත්‍රණය කිරීමේ අවශ්‍යතාව අවබෝධ කරගත් ශ්‍රී ලංකා රජය, වෙනස් වන කාලගුණයේ බලපෑම් අවම කිරීම සඳහා ජාතික අනුවර්තන උපායමාර්ග සංවර්ධනය කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව හා එක් ව ඇත.

    දියුණු වෙමින් පවතින රටවලට, වර්තමානයේ පවතින අරමුදල්වලට ප්‍රවේශයක් ඇති කිරීම සඳහා වැඩිදියුණු කළ විධිවිධාන ඇති කළ යුතු යයි, පොදුරාජ්‍ය මණ්ඩලය ඉල්ලා සිටින බව ඊයේ (23) නිව් යෝර්ක් නගරයේ එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේදී පැවැත්වුණු 2014 දේශගුණ සමුළුවේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළේය.

    චීන ජනාධිපතිවරයා හා එම ආර්යාව ශ්‍රී ලංකාවේ නිරත වූ දෙදින සංචාරය දැවැන්ත ප්‍රතිඵල රැසක් අත්කර දෙමින් නිමාවට පත් වී තිබේ.

    තිස් වසරක විනාශකාරී යුද්ධය පරාජය කිරීමට සාර්ථක ව කටයුතු කරන අතරතුරදී ම ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරමින් තවදුරටත් තුන් වන ලෝකයේ රටක මට්ටමෙන් ඉහළට ගෙන යාමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 2005 වසරේ දී ජාතිය හමුවේ ඉදිරිපත් කළ "මහින්ද චින්තන"ය යටතේ අඩිතාලම් දැමුවේය. 

    අසීමිත සාගරයේ අනේකවිධ නෞකා මගින් නානාවිධ භාණ්ඩ ප‍්‍රවාහනය කළ මුහුදු සේද මාවත තවමත් පවතී ද? එය හුදෙක් වෙළෙඳාම පමණක් සිදු වූ මුහුදු මාර්ගයක් නො වේ. ඒ අතීත මුහුදු ප‍්‍රවාහන මාර්ගය ඔස්සේ ගනුදෙනුවල නිරත සියලු අංශ ඉතිහාසයත් සමඟ මේ වන විට නොපෙනී ගොසිනි.

    ලෝකයේ මීළඟ බලවතා චීනය

    සැප්තැම්බර් 15, 2014

    'Made in China' කියා සටහන් වී ඇති චීන භාණ්‌ඩ දැනටමත් ලෝකයේ සෑම වෙළෙඳපොළක්‌ ම පාහේ ආක්‍රමණය කර තිබෙන බව ලෝකයේ කොයි කාටත් රහසක්‌ නො වේ.

    ශ්‍රී ලංකාව හා චීනය අතර සබඳතා ක්‍රි.පූ. 206 දක්වා වූ ඈත අතීතයේ සිට ම පවතී. අතීතයේ සිදු වූ දූත ගමන් බොහොමයක් ආගමික අරමුණු සහිත වූ අතර වඩාත් හොඳ දේශපාලන සහ ආර්ථික සබඳතා ගොඩනගා ගැනීම වෙත ද අවධානය යොමු වී තිබුණි.

    ජපන් - ශ්‍රී ලංකා ආර්ථීක, දේශපාලන හා සංස්කෘතික සබඳතා අනාදිමත් කාලයක සිට පැවත එන්නකි. ජපන් මිත්‍රත්වය ශ්‍රී ලංකාවට වටිනා සම්පතක් වන අතර මේ වන විට මෙම රාජ්‍යතාන්ත්‍රික නිල සබඳතාවට වසර 61ක් ඉක්මා ඇත.

    ජපාන ශී‍්‍ර ලංකා වත්මන් රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතාවන් ඇරඹෙන්නේ 1951 සැන් ෆ‍්‍රැන්සිස්කෝ ප‍්‍රකාශනයෙනි. එම සබඳතාවයන් දෙරටට ම වාසිදායක වූ අතර දෙරටේ මිත‍්‍රත්වය තව තවත් තීව‍්‍ර කළේය.

    දිසාපතිවරයෙකු වශයෙන් මා දුම්රියට නැතහොත් කෝච්චියට දැඩි ව ආස කරමි. බොහෝ විට නිදි වරා‍ගෙන කොළඹ ගිය විටෙක නැවත පැමිණෙන්නේ දුම්රියෙනි. නිදිවරාගෙන නැවතත් මාගේ රියැදුරුව වෙහෙස කර වීම නුසුදුසු බැවින් ඔවුන්ගේ විවේකය සලකා කොළඹ කොටුවෙන් දුම්රියට ගොඩවීමට මා බොහෝ කලක සිට පුරුදු වී සිටී. පසුගිය ජූලි 28 වන දිනත් එ‍ලෙසින් ම රාත්‍රී දුම්රියෙන් බණ්ඩාරවෙල යාම සඳහා දුම්රියට ගොඩ වුනෙමි. 
    උතුර, දකුණ එකට යා කරමින් බැඳි පාලම ශක්තිමත් කරමින් නව ලොවකට පා තබන්නට සැරසෙන ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගතය ආශ්චර්යමත් කිරීම සඳහා සියලු ජන කොටස්වලට සමාන වටිනාකමක් ලබාදීමට වත්මන් රජය කටයුතු යොදා ඇත.  
    රටපුරා දිවි නැගුම ප්‍රජාමූල බැංකු 1,073කදී අද (සැප්තැම්බර් 01) උත්සවාකාරයෙන් ආරම්භ කළ දිවි නැගුම සහන අරුණ යෝජනා ක්‍රමයට ඉහළ ම ප්‍රතිචාරයක් දිවි නැගුම ප්‍රතිලාභීන් ගෙන් හිමි වූ අතර දහස් ගණනක් අද අසුරු සැනින් අතට මුදල් ලබාගෙන අතිමහත් ලෙස ප්‍රතිලාභ ලබාගැනීමට සමත් වූහ.

    ජාත්‍යන්තර කීර්තිධර මැක්සිකානු සිනමාකරු Carlos Reygadas හෙට (02) ඇරඹෙන කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලට සහභාගී විමට නියමිතය.

    දේශය කිරිවලින් ස්වයංපෝෂිත කර වීමේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය තුළ පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රධාන ව්‍යාපෘතියක් වන කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදනවලට හිමි වනුයේ ඉතා වැදගත් කාර්ය භාරයකි.

    මහාචාර්ය ඒ.වී. සුරවීර මැතිතුමාගේ අභාවය පිළිබඳ ව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ශෝක ප්‍රකාශ යෝජනා ආරම්භ කරමින් අද (22) සභානායක, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් කරන ලද සම්පූර්ණ ප්‍රකාශය පහත පළ වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya