යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් පසුගිය දා (18) යාපනය තෝල්පුරම් ප්‍රදේශයේ සිවිල් වැසියන් පිරිසකගේ දිලිඳුකම සැලකිල්ලට ගනිමින් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කරන ලදි.
මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සහනදායී ණය පදනම මත ඇමරිකානු ඩොලර් මිලියන 100ක් ප්‍රදානය කිරීමට ලෝක බැංකුව එකඟ වී තිබේ. 2018-2024 කාලසීමාව තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතියේ සමාරම්භය 2018-10-22 දින පෙ.ව 10.00ට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට කටයුතු යොදා තිබේ.
ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන LCL Cargo හෙවත්, බහලුම් ප්‍රමාණයකට වඩා අඩු ප්‍රමාණයකින් ආනයනය කරනු ලබන භාණ්ඩ නිෂ්කාශනය කිරීමට පහසු වන පරිදි බන්දිත ගුදම් පවත්වාගෙන යාම සඳහා පෞද්ගලික අංශයටද අවසරය දීමට රජය තීරණය කර ඇත.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ශ්‍රී ලංකා දූත පිරිස වෙත දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීමෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය කැඳවා ගෙන ගියේ හයිද්‍රබාද් මන්දිරයේ මධ්‍ය ආලින්දය වෙතය.