''දේශපාලඥයින් ලෙස මහජන නියෝජිතයින් ලෙස හරි දේ වෙනවාද කියා බලන එක අපේ වගකීමක්. රජයේ නිලධාරීන් හැටියට තමන්ගේ වගකීම හරියට ඉටු කළේ නැත්නම් ඒකේ චෝදනාවට මුහුණ දෙන්න වෙන්නේත් අපිටමයි ''යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.
සැබෑ දේශපේ‍්‍රමය, අපේකම සහ දූෂණයෙන්, වංචාවෙන්, හොරකමෙන් සහ නාස්තියෙන් තොර ශ්‍රේෂ්ඨ චරිත හේතුවෙන් එදා එක්සත් ජාතික පක්ෂය ප‍්‍රබල සහ ශක්තිමත් දේශපාලන පක්ෂයක් ලෙස ගොඩනැගුණු බව සඳහන් කළ ජනාධිපතිතුමා හෙට දවසේ ද රටේ අනාගතය වෙනුවෙන් එම දේශපාලන දර්ශනය පක්ෂයේ අරමුණු අතර තිබිය යුතු බව සඳහන් කළේ ය.
නේපාලයේ පූජණීය ලුම්බිණියේ දී ප්‍රථමවරට බුදු රජාණන්වහන්සේ වදාළ ත්‍රිපිටකය සජ්ඡායනා කිරීමේ මහා පුන්‍යෝත්සවය නොවැම්බර් මස 14 දින සිට 16 දින දක්වා ලුම්බිණියේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි සමස්ත නේපාල භික්ෂු සම්මේලනයේ සභාපති, කත්මණ්ඩු ආනන්ද කුටි විහාරයේ විහාරස්ථානාධිපති අතිපූජ්‍ය මෛත්‍රී හිමිපාණන් වහන්සේ රජයේ නිලපුවත් වෙබ් අඩවියට අද (24) ප්‍රකාශ කළහ.