පොලිස්පතිවරයාට ඉල්ලා අස්වන්නැයි ජනපතිවරයා හෝ අගමැති කිසිදු ඉල්ලීමක් කර නොමැති බවත් මේ සම්බන්ධයෙන් විෂය භාර ඇමතිවරයා හා තමන් සොයා බැලූ බවත් නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද(20) ප්‍රකාශ කළේය.
පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශ කර ඇතැයි යනුවෙන් පලවූ මාධ්‍ය වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.
සැප්තැම්බර් 28 දිනට යෙදෙන ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනයට සමගාමීව ''තොරතුරු සතිය'' ප්‍රකාශයට පත් කර ඇති අතර හෙට සිට (21) සිට තොරතුරු සතිය නිල වශ්යෙන් ක්‍රියාත්මක වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( සංවර්ධන හා සැලසුම් ) තිලකා ජයසුන්දර මහත්මිය ප්‍රකාශ කළාය.