සමුද්‍රීය පරිසර ආරක්ෂණයේ වැදගත්කම සළකමින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි සෑම වසරකම සැප්තැම්බර් මස 15 වැනි දින සිට 21 වැනි දින දක්වා ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය ක්‍රියාවට නැංවේ.
ශ්‍රි ලංකාවේ පර්යේෂණ ක්ෂේත්‍රයට සේවයක් වශයෙන් සැළකෙන නාරා ආයතනයේ පුස්තකාලය ඩිජිටල්කරණය කර අන්තර්ජාලයට එක් කිරීම පසුගිය දා සිදු විය.
තරුණ ව්‍යවසායකයින් 327 දෙනෙක් “තුරුණු දිරිය” ණය ලබා ගැනීම සඳහා නැගෙනහිර පළාතින් මේ වන විට හඳුනා ගෙන තිබේ.
2018/19 මහ කන්නයට අවශ්‍ය සියලුම පොහොර වගා කටයුතු ආරම්භ කිරීමට කලින් වහාම ගබඩා කර තැබීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දෙනු ලැබීය.