ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ඉදිරියේදී රට තුළ ඖෂධ හිඟයක් ඇති නොවීමට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින රුමේනියාවේ රාජ්‍ය ලේකම් සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ට්‍රෙයන් හිරිස්ටියා (Traian Hristea) මහතා ඇතුළු දූත පිරිස පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.
“ජයභූමි පදනම” නමින් ව්‍යාජ විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යමින්, ඇමරිකාවේ මියාමි නගරයේ වරාය ව්‍යාපෘතියක රැකියා රැසක් ලබාදෙන බව පවසා ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරියන් මාර්ගයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි තරුණ තරුණියන් රැසකගෙන් වංචනික ලෙස මුදල් අයකළ මහා පරිමාණ ජාවාරමක් සම්බන්ධයෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට තොරතුරු වාර්තා වී ඇත.