අපිම අපේ ආර්ථිකය සකස් කළ යුතු බවත් අපි වියදම් කළමනාකරණය කරගෙන ඉදිරියට යා යුතු බවත්, ජනාධිපතිතුමාගේ ආර්ථික වැඩපිළිවෙල එදා වේල වැඩපිළිවෙල නොවන බවත් දීර්ඝ කාලීන දැක්මක් සහිත වැඩපිළිවෙලක් බවත් වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනාවලිය මේ රටේ කිසිදු පුරවැසියෙකුට අවිනිශ්චිත භාවයක් හෝ හානියක් ඇති නොවන යෝජනාවක් මෙන්ම මේ රට ඉදිරියට ගෙන යන යෝජනාවක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද(01) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ශ්‍රී ලංකාවට වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට පමණක් නොව අනාගතයේදී වඩා තරගකාරී ආර්ථිකයක් නිර්මාණය කිරීමට ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.