පුලතිසි පොසොන් උදානය වැඩසටහනට සමගාමීව පොළොන්නරුව ඓතිහාසික ගල් විහාරය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වෙන සර්වඥ ධාතු ප්‍රදර්ශනය දෙවන දිනයට ද ඊයේ (28) පස්වරුවේ විවෘත කෙරුණේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.
2018 යල කන්නයේ සිට බෝග වර්ග 06ක් සඳහා ගොවීන්ගෙන් කිසිදු දායක මුදලක් අය කිරීමකින් තොරව ගොවි රක්ෂණය නොමිලයේ ලබා දීමට රජය තීන්දු කර ඇත.
සබරගමුව පළාත, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.