2018 ජූනි මාසයේදී ජපානයේ ජීෆු නගරයේ පැවති 2018 කණිෂ්ඨ ආසියානු කී‍්‍රඩා උළෙලේ පදක්කම් ලාභී ශ‍්‍රී ලාංකික කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ඊයේ (29) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිිරිසේන මැතිතුමා හමුවිය.
කලා රසය ඉහළ නැංවෙන, ඉහළ ප‍්‍රමිතියෙන් යුත් සිනමා කෘති සහ ටෙලිනාට්‍ය නිර්මාණ බිහිකිරීම උදෙසා විධිමත් ක‍්‍රමවේදයක් හඳුන්වාදීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දෙයි.
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක ( කිලෝ ග්‍රෑම් 12.5 )මිල රුපියල් 138කින් අද 29 මධ්‍යම රාත්‍රියේ සිට අඩු කෙරෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
සිව්දින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි පාකිස්ථාන ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික කමිටු ප්‍රධානී, ජෙනරාල් සුහායිර් මහ්මුද් හයාත් (General Zubair Mahmood Hayat ) මහතා ඊයේ (28) පස්වරුවේ පොළොන්නරුව නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වී සුහද කතා බහක නිරත විය.