මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් ගාල්ල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත විහාරස්ථාන සංරක්ෂණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.
විශේෂ බුද්ධගයා සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා යුධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 160 දෙනෙකු පසුගිය දා නැවත කොළඹට පැමිණියහ. මෙම සංචාරය සඳහා ඉන්දියානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයක් ලබා දී තිබිණි.
පළාත් පාලන සභිකයන් ගණන වැඩිවීමෙන් ඔවුන් සියලු දෙනා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලට සහභාගී වීම ගැටළුවක් විය හැකි බැවින් ඒ් පිළිබඳ නව චක්‍රලේඛයක් නිකුත් කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.