පුරාවිද්‍යා වටිනාකම්වලින් යුත් ස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කර ගත් විශේෂ වැඩපිළිවෙළක් ලබන ජනවාරි 01 වනදා සිට අරඹන බව ජනාධිපතිතුමා පවසයි.
නව පාසල්වාරය ආරම්භ කිරීමට ප්‍රථම දිවයින පුරා සියළුම පාසල් පරිශ්‍ර පරික්ෂා කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති අතර ලබන 27 සහ 28 දෙදින පාසල් පවිත්‍ර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මදුරු මදන ඒකකය කටයුතු යොදා ඇත.
රන්න නගරයට අංග සම්පූර්ණ සම්මන්ත්‍රණ ශාලාවක් තනාදීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් තිබෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලබන ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවය අද (24) කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙයි.