ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ නව ඡන්ම ළදරුවන්ගේ ශ්‍රවණ තත්ත්වයන් පරීක්ෂා කිරීමේ වැඩසටහනක්

    මාර්තු 29, 2015
    අප රටේ නව ජන්ම ළදරුවන්ගේ ශ්‍රවණ තත්ත්වයන් පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ප්‍රථම වරට ආරම්භ කිරීමට කණ, නාසය හා උගුර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයත්, සෞඛ්‍ය අමාත්‍යාංශයත් ඒකාබද්ධව ක්‍රියාත්මක කරන National programme on Prevention and detection of hearing Impairment වැඩසටහනත් තීරණය කර තිබේ.
     
    මෙම වැඩපිළිවෙළ ලබන 31 වන දින ආරම්භ වන අතර පේරාදෙනිය ශික්ෂණ රෝහලේ නව ජන්ම ළදරුවන් සියලු දෙනාම මූලික ශ්‍රවණ පරීක්ෂණයකට ලක් කරනු ලබයි. පසුව මෙම වැඩපිළිවෙළ කොළඹ මාතෘ රෝහල් වන කාසල්වීදියේ කාන්තා රෝහල හා ද සොයිසා කාන්තා රෝලේදීත් පැවැත්වීමට නියමිතය.
     
    දිවයින පුරා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත අතර අනාගතයේ දී වළක්වා ගත හැකි ශ්‍රව්‍යාබාධවලින් දරු පරපුර රැක ගැනීම අරමුණ බව කණ, නාසය හා උගුර පිළිබඳ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
     
    වසරකට අපේ රට ශ්‍රව්‍යබාධිත දරුවන් 400ක් උපත ලබන බව හෙලි වී ඇත. මෙම දරුවන් එකී ආබාධ සහිත බවින් වළක්වා ගැනීමට නම් ඔවුන් උපන් අවස්ථාවේ ම පරීක්ෂාවට  ලක් කිරීම අවශ්‍ය වේ. බොහෝවිට මව්පියන් තම දරුවා බහ තෝරන්නේ නැතිවිට ප්‍රකාර සඳහා වෛද්‍යවරුන් වෙත යොමු වේ. නමුත් වසරකට පසු ළමයින් බහ නොතෝරන්නේ කන් නොඇසීම නිසා බව හඳුනාගන්නා විට ආබාධිත තත්ත්වය සුව කිරීමේ අපහසුතා පැන නැගේ.
     
    මේ නිසා ශ්‍රව්‍යබාධිත දරුවන්ට මාස 6ක් යන තෙක් ශ්‍රවණ උපකරණ ලබාදෙන අතර ඒ සදහා පුනරුත්ථාපනයත් මෙම වැඩපිළිවෙළ යටතේ ලබා දෙයි. ඉන්සුවපත් නොවන්නේ නම් Cochlear Implant නැමැති කර්ණසංඛ බද්ධය කිරීමේ සැත්කම සිදු කරනු ලැබේ.
     
    මෙතෙක් අප රටේ නව ජන්ම ළදරුවන්ගේ ශ්‍රවණ තත්ත්වයන් සොයා බැලීමේ සායනික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වී නොමැති අතර දරවන් වැඩිහිටියන් බවට පත් වූ පසු මතුවන බිහිරී සහ ශ්‍රවණාබාධ තත්ත්වයන්ගෙන ආරක්ෂා කර ගැනීමට සඳහා මෙවැනි විශ්ව වැඩපිළිවෙළක අවශ්‍යතාවය පැන නැගී ඇතැයි කණ, නාසය හා උගුර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය වැඩිදුරටත් පවසයි.
     
    kpm/cmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya