ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    හදිසි ආපදාවක් නම් දැනුම් දෙන්න Featured

    මැයි 17, 2016

    අයහපත් කාලගුණිත තත්ත්වය සමඟ ඇති විය හැකි හදිසි ආපදානවන් සඳහා මුහුණදීමට සෑම පොලිස් ස්ථානයක්ම සූදානම් ව තබා ඇති බව පොලීස් මූලස්ථානය සඳහන් කරයි.

    මෙවැනි තත්ත්වයකදී ගත යුතු පියවර සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් මේ වන විටත් සියලුම ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාසභාර නිලධාරීන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර තිබේ.

    එහිදී විශේෂයෙන් ම ආපදා තත්ත්ව හමුවේ මාර්ග අවතීරතා ඇතිවීමකදී, අනතුරකදී සහ අවතැන්වීමකදී ක්ෂණිකව ගත යුතු පියවර පිළිබඳවත් එමෙන් ම මෙවන් තත්ත්වයකදී සම්බන්ධීකරණය කර ගත යුතු අනෙකුත් ආයතන පිළිබඳවත් දැනුවත් කිරීම් සිදු කර තිබේ.

    අයපහපත් කාලගුණික තත්ත්වයත් සමඟ හමුවේ මාර්ග අවහිරතා ඇතිවීමකදී, අනතුරකදී සහා අවතැන්වීමකදී ක්ෂ්ණිකව  මහජනතාව විසින් පොලීසිය දැනුවත් කිරීම සඳහා පහත සඳහන් දූරකතන අංක විවෘත කර තිබෙන බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

     

    tele 1

    tele 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya