ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    හිටපු ජනාධිපතිට අවශ්‍යනම් අගමැති අපේක්ෂකයා විය හැක Featured

    පෙබරවාරි 19, 2015
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අගමැති අපේක්ෂකයා වීමේ අවශ්‍යතාවයක් ඇත්නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමඟ සාකච්ඡා කොට එම අවස්ථාව ලබාගැනීමට හැකියාව පවතින බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවැසීය. 
     
    අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් විසින් 18 වෙනිදා නුගේගොඩ ප්‍රදේශයේ පැවැති ජන හමුව සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් කරුණු විමසීමකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය.
     
     
    ඒ සඳහා රැලි පැවැත්වීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 
     
     
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයෙක් වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරන බැවින් ඒ මහතා මේ වන විටත් ක්‍රියාකාරී දේශපාලනයේ නියැලී සිටින බව පෙන්වාදුන් අමාත්‍යවරයා ශ්‍රී.ල.නි.ප. සභාපතිවරයා වන ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කොට එළැඹෙන මහ මැතිවරණයේ දී අවශ්‍ය නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා වශයෙන් තරග කිරීමට අවස්ථාව ලබාගැනීමට කිසිදු බාධාවක් නොමැති බවත් පැවසීය.
     
     
    පසුගිය ජනාධිපතිවරණයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ එවකට පැවැති පවුල් දේශාපලනය මෙන් ම දූෂණ අක්‍රමිකතා අවසන් කිරීමේ අරමුණිනි. දූෂණ පිටුදැකීම ඇතුළු අත්‍යාවශ්‍ය කටයුතු කිරීම සඳහා දින 100 වැඩසටහන හඳුන්වාදුන් බවත් එහි ප්‍රධාන අරමුණ යහපාලනයක් ඇති කිරීම බවත් කීය.
     
     
    මහින්ද රාජපක්ෂ මහතා එම රැලියට එවා තිබූ පණිවුඩයෙන් ඒ මහතා අගමැති අපේක්ෂකයා වන බවක් සඳහන් කිරීමක් කර නොතිබූ බවත් එහි සඳහන් ව තිබුණේ ජනතාවගේ ඉල්ලීමට ඇහුම්කන්දීමට ක්‍රියාකරන බවත් යන්න මෙහිදී පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya