ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මැතිවරණ ක්‍රම සංශෝධනය ගැන සභාව කල්තබන යෝජනාව විවාදයට

    ජූනි 23, 2015
    මැතිවරණ ක්‍රම සංශෝධනය සම්බන්ධයෙන් අද (23) පාර්ලිමේන්තු විවාදයට ගැනෙන සභාව කල්තබන යෝජනාව පාර්ලි‍මේන්තුවේදී විවාදයට ගත හැකි බව කතානායක චමල් රාජපක්ෂ මහතා සභාවට දැනුම් දුන්නේය.
     
    විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් විරෝධය මතු කළ අතර යම්කිසි පනතක් ගෙන ඒමට පෙර පූර්ව විවාදයක් ගෙන ඒම පාර්ලිමේන්තු සම්ප්‍රදායක් නොවන බව ද මේ විරෝධතාව සුළු පක්ෂවල අදහස් යටපත් කිරීමක් නොවන බව ද පැවසීය.
     
    මේ සම්බන්ධයෙන් පක්ෂනායක රැස්වීමේදී එකඟතාවකට නොපැමිණි බව ද විපක්ෂ නායකවරයා පැවසූ අතර ඊට පිළිතුරු ලබා දුන් සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (22) පක්ෂ නායක රැස්වීමේදී විපක්ෂයේ දේශපාලන පක්ෂ 06ක් මේ ගැන විවාදයක් ඉල්ලා සිටි බවත් කීය.
     
    මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා, ඡන්ද ක්‍රමය පිළිබඳ ව පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට ස්වාධීනව අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීම අවශ්‍ය බවයි.
     
    මේ ගැන විරෝධයක් පැවතියා නම් ඊයේ (22) මේ ගැන පැවසිය හැකිව තිබූ බවත් පක්ෂනායකයන් එකඟ වුවානම් ඒ පක්ෂ නායක තීරණය අනුව ක්‍රියාත්මක කරමු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
     
    ඒ අනුව සභාව කල්තැබීමේ යෝජනවා පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. යෝගරාජන් මහතා විසින් ඉදිරිපත් කළ අතර මේ වන විට පාර්ලිමේන්තුවේ දී විවාදයට ලක්වෙමින් පවතී.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya