ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ආර්ථිකයේ ස්ථාවර බවක් ඇති කරගන්නට අවස්ථාව ලැබී තිබෙනවා- විශ්වාසභංගය පරාජය කරමු

    ජූනි 09, 2016

    ආර්ථිකයේ ස්ථාවර බවක් ඇති කරගන්නට අවස්ථාව ලැබී තිබෙන බවත් විශ්වාසභංගය පරාජය කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    මුදල් අමාත්‍යවරයාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවේ විවදයට අඳහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

     

    විවාදයේ දී අඳහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා: විශ්වාසභංගය කොටස් තුනකට බෙදන්න පුළුවන්. මුදල් ඇමැතිතුමා ප්‍රකාශයක් කළා නම්,ඒ ප්‍රශ්නය ලේසියෙන් විසඳාගන්න තිබුණා.රජයේ මුදල් පිළිබඳ කාරකසභාව තිබෙනවා.ඇයි එම කොමිටියට ගොස් කිව්වේ නැත්තේ රවී කරුණානායක ඇමැතිතුමාට මේක ඔප්පු කරන්න කියලා.ඔප්පු කරන්න බැරි වුණා නම් කතාව ඉවරයි.

     

    මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මුදල් ඇමැතිතුමා හැටියට මුදල් වියදම් කර තිබෙනවා,මූල්‍ය කළමනාකරණ වගකීම් පනත උල්ලංඝනය කරලා. මේක පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරන්නේ නැතිව.පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩකර තිබෙනවා. ඒ නිසා මම මේ කරුණු මුදල් කොමිටියට ඉදිරිපත් කරනවා. හොයලා බලා කරුණාකර වාර්තා කරන්න කියලා.

     

    විශ්වාසභංගය යන්න අවශ්‍ය හිටපු මුදල් ඇමැතිවරයාටයි.ඉල්ලා අස්වෙන්න. මහින්ද රාජපක්ෂ මැතිතුමා එනවානම් පාර්ලිමේන්තුවට මම කැමැතියි එතුමගෙ කතාවට ඇහුම්කම් දෙන්න.පැරදෙන සටන දන්නවා. මේ නීතිය උල්ලංඝනය කළේ ඇයි කියලා කියන්න.

     

    අපි ඔක්කෝම දන්නව මේ රටේ ආර්ථික තත්ත්වය.කවුරුත් නැතිව ආර්ථිකය ගෙනියන්න බෑ.කවුරුත් ඇත්ත කිව්වේ නෑ.මේක තීරණය කළේ සුමනදාස නොවෙයි.ඡන්දය තීරණය කළේ ජයසුන්දර.සල්ලි තිබුණේ නෑ. කඩා වැටිලා තිබුණා. සමස්ත ඉල්ලීම වැටිලා තියෙන වෙලාවක ඉන්දියාවෙන් කාර් ගෙනව කිව්වාම මොකටද ඊර්ෂියා කරන්නේ?තව සල්ලි තියෙනවා නම් තව කාර් දෙන්නම්.හැමෝම කැමැතියි කාර් එකක් ගන්න. ගෙයක් අරගන්න.දරුවන්ට හොඳ අනාගතයක් දෙන්න.මේකට තමුන්නාන්සේලා විරුද්ධ ද?


    මේක අපේ ආර්ථිකය. මිනිස්සුන්ට හොඳට සල්ලි දෙන්න ඕන. නිදහසේ ජීවත් වෙන්න ඉඩ දෙන්න ඕන.එලෙසයි මේ කටයුතු කරගෙන යන්නේ. සමස්ත ඉල්ලීම වැඩි වුණා. කඩා වැටුණේ නෑ.අයවැයේ විවේචන තිබුණා, සංශෝධන තිබුණා.ගෝලීය ආර්ථිකය දියුණු වෙයි කියලා හිතුවට ගෝලීය ආර්ථිකය දියුණු වුණේ නෑ.චීනයේ ප්‍රශ්න තිබුණා. තෙල් මිල කඩා වැටුණා.යුරෝපයේ සරණාගතයින් පැමිණීම තවත් උග්‍ර වුණා.එක රටකටවත් මේ වසරේ බලාපොරොත්තු ආකාරයට වැඩකරන්න බැරි වුණා.මේ තත්ත්වයන් ඔක්කොම අපි සළකා බැලුවා.මාර්තු 08 දින මෙය මම පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

     

    චිනය සමඟ සාකච්ඡා කළා, අයි.එම්.එෆ් එකත් සමඟ සාකච්ඡා කළා.ඉන්දියාව සමඟ සාකච්ඡා කළා.ජපානය සමඟ සාකච්ඡා කළා. ඒ අනුව අපේ ආර්ථිකයේ ස්ථාවර බවක් ඇති කරගන්නට අවස්ථාව ලැබී තිබෙන්නේ.

     

    මුදල් රටින් පිටවෙනවා. සමහර විදේශ ආයෝජකයන් කෙටි කාලීනව ගෙනා මුදල්.අපි එදත් කිව්වා. මේවා හැමදාම තියෙන්නේ නෑ.හොඳ ආයෝජකයින් ගේන්න.ඒවා එදා ගෙනාවේ නෑ.ලොකු ම එක ටෙම්පල්ටම් ෆන්ඩ් එක ගෙනාවා.ඕන වෙලාවක ආපසු ගෙනියන්න ඉඩ දුන්නා. ඒ මුදල් තමයි මේ අරගෙන යන්නේ.කවුද ඒක කළේ.හිටපු මුදල් ඇමැතිතුමා කළේ.ඒ සල්ලි පිට වූ නිසයි ප්‍රශ්නයක් ඇති වුණේ. අද අපිට විශාල මුදලක් ලැබී තිබෙනවා.ණය නොවෙයි ආයෝජන ලැබුණේ.

     


    දැනට අපිට බිලියන නවයක් තිබෙනවා.අද ඇතිව තිබෙන තත්ත්වය මොකක්ද? මේ වසර අවසන් වීමට පෙර විදේශ විනිමය ඉවත් කිරීම පාලනයට නීතියක් ගේනවා.අපි සල්ලි හොරකම් කරන්නේ නෑ.අපි සල්ලි ඩුබායි වල දන්නේ නෑ. ධනපති පන්තියෙන් බදු අරගන්න පළමු අවස්ථාව.  මේ රටේ ඉඩම්, නිවාස ලබාදුන් අයට මේ වසර අවසන් වීමට පෙර සින්නක්කර ඔප්පු ලබාදෙනවා.අපිට බාර දුන්නා නැව් නැති වරායක්.අහස් යාන නැති ගුවන් තොටුපලක්.අපි චීනය සමඟ කතා කළා.අපි මේක දියුණු කරනවා.චීන සමගම එක්ක වරාය දියුණු කරනවා. මේ ආණ්ඩුව විශාල මුදලක් ලබාගෙන තිබෙන්නේ,මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නායකත්වය යටතෙයි.තමන්ගේ නායකයා ජපානයෙන් සල්ලි ගෙනාව කියලා පිළිගන්න ලැස්ති නැද්ද?බිලියන 04ක් ගෙනාවා කියලා පිළිගන්නවද? මේ විශ්වාසභංගයෙන් කාටද ගහන්නේ? රවී කරුණානායක මැතිතුමාටද? ඇයි ආණ්ඩුව ගැන කතා කරන්නේ.අද සවස ද්‍රෝහි වනවාද නැද්ද කියලා තීරණය කරන්න.මෙය අපි පරාජය කරමු යැයි ද  අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya