ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ශබ්ද පරිපාලන පද්ධතියේ ඇති වූ දෝෂය - කුමන්ත්‍රණකාරී වැඩක් හෝ ඕනෑකමකින් කළ වැඩක් නොවෙයි

    ජූනි 09, 2016

    පාර්ලිමේන්තුවේ ශබ්ද පරිපාලන පද්ධතියේ ඇති වූ දෝෂය කුමන්ත්‍රණකාරී වැඩක් හෝ ඕනෑකමකින් කළ වැඩක් නොවන බව  කතානායක කරූ ජයසූරිය මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී  ප්‍රකාශ කළේ ය.

    ඊයේ (08) පාර්ලිමේන්තුවේ ඇති වූ තාක්ෂණික දෝෂයක් ඇති වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කරමින් කතානායකවරයා මේ බව පැවසී ය.

     

    ඊයේ පාර්ලිමේන්තුවේ ශබ්ද  පරිපාලන පද්ධතියේ ඇති වූ බිඳ වැටීම සම්බන්ධයෙන් මාගේ කණගාටුව ප්‍රකශ කරනවා. ඒ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් කළා. වගකීමකින් ප්‍රකාශ කරනවා,මෙය කුමන්ත්‍රණකාරී වැඩක් හෝ ඕනෑකමකින් කළ වැඩක් නොවන බවත් සභාවට සඳහන් කරනවා.

    මෙය පලමු අවස්ථාව නොවේ. වසර 2002 ,2003,2004 දී මෙවැනි දෙයක් සිදුව තිබෙනවා.මේ පද්ධතිය අවුරුදු 15ක් පරණ පද්ධතියක්.අපි දැනටමත් ටෙන්ඩර් පටිපාටිය අනුව යෝජනා කැඳවා තිබෙනවා,මේ වසර තුළ නව පද්ධතියක් ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙනවායැයි ද කතානායකවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya