ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    රේගු ආදායම වැඩි කළ නිසාද විශ්වාසභංග ගේන්නේ?මෙතරම් මුදල් වෙන් කළ රජයක් හෝ මුදල් අමාත්‍යවරයෙක් සිටියේ නෑ

    ජූනි 09, 2016

    මුදල් ඇමැතිවරයකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගේන්න පුළුවන් කමක් එදා නොතිබූ බවත් ජනතාවගේ සුබසෙත, සෞඛ්‍ය හා අධ්‍යාපනය සඳහා මෙතරම් මුදල් වෙන් කළ රජයක් හෝ මුදල් අමාත්‍යවරයෙක් නොසිටි බවත් සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

     

    අමාත්‍යවරයා මේ බව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, මුදල් අමාත්‍යවරයට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවේ විවාදයේ අඳහස් දක්වමින් අද (09) පාර්ලිමේන්තුවේ දී ය.

     

    මුදල් ඇමැතිවරයකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගේන්න පුළුවන් කමක් තිබුණේ නෑ.හැමදාම මුදල් අමාත්‍යාංශය තියාගත්තේ ජනාධිපති යටතේ 1994 සිටම. රාජපක්ෂ කාලයේ මේ කට්ටියට විශ්වාසභංගයක් ගේන්න කොන්දක් තිබුණේ නෑ.කළ හැම දෙයටම එහෙයි කියාගෙන හිටියා.

    අයි.එම්.එෆ් එක කියනවා ට්‍රිලියන 1.3ක් හංගලා තිබුණ කියලා.මේ ට්‍රිලියන 1.3 රාජපක්ෂ යුගයේ සංඛ්‍යාලේඛනවල නෑ. ඒ ගණනන එනවා අපේ ආණ්ඩුවේ ණය වලට.ඕකයි සත්‍ය.

    මේවා තමයි 2015 මැතිවරනයේ දී රැව් දුන්නේ.බිලියන 421ක් ආදායම් බදු හොයාගැනීමට හැකි වෙනවා.කොහොමද එකපාර ෆයිල් ලැබුණේ. මේක තමයි රෙජීමයේ සිදු වූ දේවල්. රේගු ආදායම 2012 බිලියන 516යි. බිලියන 21ට බැස්සා.මුදල් ඇමැතිතුමා යටතේ බිලියන 788යි. වැඩි වීම කීයද? බිලියන 213ක් හෙව්වා.මේකටද විශ්වාසභංග යෝජනාව ගේන්නේ.පසුගිය කාලේ එතනෝල් ගෙනාවා ඒවාට බදු ගැහුවේ නෑ.

     

    තමන්ගේ හින්චයියන්ට බදු ගැහුවේ නෑ.ඒවා බිලියන ගණන්.අරක්කු බදු, එතනෝල් බදු තමන්ගේ හෙන්චයියලාට ඉඩ ලබාදුන්නා. මේවා අඩු වුණානම් කියන්න. අපිත් විශ්වාසභංගයකට එනවා.

     

    සුරාබදු වර්ධනය 2014 වසරේ සියයට 14%යි. 2015 සියයට 52.2%යි. මේවට විශ්වාසභංග යෝජනා ගේන්නේ. රේගුව කාපු,සුරාබදුවලින් ගහපු,කට්ටිය එකතුවෙලා,ගේනවා විශ්වාසභංග යෝජනා. එදා නිකන් ආව එතනෝල්වලට අද බදු ගහනවා.නිකන් විකුණූ අරක්කුවලට බදු ගහනවා. ණය බව අද අඩු කර තිබෙනවා.මුදල් ඇමැතිතුමාගේ කාලයේ ජනතාවට වියදම් කරන්නට මුදල් ලබදුන්නා.පුනරාවර්තන වියදම සියයට 29%කින් වැඩි කළා.වැටුප් සහ දීමනා සියයට 27%කින් වැඩි කළා.

     

    ලංකා ඉතිහාසයේ තුන්වැනි වරට පුද්ගලික අංශයාට වැටුප් වැඩි කළා.විශ්‍රම වැටුප රුපියල් 1000කින් වැඩි කළා.සමෘද්ධි දීමනාව දෙගුණ කළා.එයට මිලියන 8000ක් වියදම් කළා.මේවා දන්නේ නෑ.

     

    ඖෂධ නිෂ්පාදනය, මම කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගන්නවා. මේ රටේ ඖෂධවලින් සියයට 75%ක් දැනට යෝජනා කර තිබෙනවා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සමඟ ඒකාබද්ධව ඖෂධ හදන්න.අපි ඖෂධ ගේන්නේ සියයට 25%යි.මිලියන 237 වසර 2016 දී සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කළා. ජනතාවගේ සුබසෙත  සඳහා ජනතාවගේ සෞඛ්‍ය හා අධ්‍යාපනය සඳහා මෙතරම් මුදල් වෙන් කළ රජයක් හෝ මුදල් අමාත්‍යවරයෙක් සිටියේ නෑ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya