ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    රට අරාජික කරන්න වුමනාවක් නෑ - අමාත්‍ය මහින්ද අමරවීර

    ජූනි 09, 2016

    රට අරාජික කරන්න වුමනාවක් නෑ.අපි එකතු වුණේ පක්ෂයට වඩා රට උතුම් කියන හැඟීමෙන්.රට අරාජික වන කිසි දෙයක් අපි කරන්නේ නෑ යැයි   ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, මුදල් අමාත්‍යවරයට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවේ විවාදයේ අඳහස් දක්වමින් අද (09) පාර්ලිමේන්තුවේ දී ය.

     


    විශ්වාසභංගයට බොහෝ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. සමහරු ද්‍රෝහීන් ලෙස හඳුන්වා තිබෙනවා.මේකෙන් පස්සේ අපිව යූ.එන්.පී. කාරයෝ කියලා හංවඩු ගහන්න උත්සහ කරලා තියෙනවා.විශ්වාසභංගය ගෙනැල්ලා තියෙන්නේ අපි අතර ප්‍රශ්නයක් ඇති කරන්න කියලයි පේන්නේ.

     

    අපි මේ රජයට එකතුවීමේ හේතුව හොඳටම දන්නවා.මේක අපි පෞද්ගලිකව ගත්ත තීන්දුවක් නොවෙයි.පක්ෂයක් ලෙස සාකච්ඡා කර ගත් තීන්දුවක්.2017 අවසන් වන තුරු අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

     

    අපිට විරුද්ධව සමහර බලවේග නිර්මාණය කරන්නයි සමහර ප්‍රකාශ නිකුත් කළේ. එය කනගාටුවෙන් සඳහන් කරනවා.අතිගරු ජනාධිපතිතුමා යෝජනා කළා, ජාතික ආණ්ඩුවකට. පක්ෂයේ මධ්‍යම කාරකසභාව සාකච්ඡ කරලා ජාතික ආණ්ඩුවට ඇතුළත් වුණා. ජාතික ආණ්ඩුවට එකතු වුණාට පස්සේ ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන යන්න කටයුතු කරමින් යනවා.

     

    අපි ලබගත් බොහෝ දේ තිබෙනවා.ජාතික ආණ්ඩුව තුළ විවේචනයට භාජනය වූ බෝ දේත් තිබෙනවා.ඒ ගැන අපේ මත ඉදිරිපත් කළා.අපි බොහෝ දේ වෙනස් කළා. ගොවියගේ පොහොර සහනාධාරයට තට්ටු කළා කිව්වා. වී ගොවියා අසරණ කළා කිව්වා.අද ගිහිල්ලා වී ගොවියට අහලා බලන්න. සහනාධාරය ලැබෙනවද නැද්ද කියලා. අද ඒ සහනය ලැබෙනවා.

     

    විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය භාවිතා කරන්න කිව්වා.මේකෙන් මොකක්ද බලාපොරොත්තු වන්නේ.ඒකෙන් වෙන්නේ රට අරාජික වන එකයි.රටේ ආයෝජකයන් අධෛර්යට පත් කිරීමෙන් කුමක්ද බලාපොරොත්තු වෙන්නේ.අපට රට අරාජික කරන්න වුමනාවක් නෑ.අපි එකතු වුණේ පක්ෂයට වඩා රට උතුම් කියන හැඟීමෙන්. රට අරාජික වන කිසි දෙයක් අපි කරන්නේ නෑ. ජාත්‍යන්තරව අපේ ජනධිපතිතුමාට විශාල පිළිගැනීමක් ලැබුණා.ආධාර විශාල ප්‍රමාණයක් ලබාදුන්නා.අපිට විශාල සැළකිල්ලක් ලැබුණා. වෙන න්‍යාය පත්‍ර අපට නෑ. අඩුපාඩු අපි කතාකරමු. ඕන වෙලාවක ලෑස්තියි. අපිට විවේචන තිබෙනවා. අපේ කටේ පිට්ටු නෑ. අපේ වෙනස් වීම තුළ රටට හොඳ දෙයක් ලැබෙනවාද? අපේ මතය වෙනස් වෙන්නේ නෑ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya