නොරොච්චෝලේ නැතහොත් ලක්විජය ගල් අඟුරු බලාගාරය සඳහා ගල් අඟුරු මිලදී ගැනීම පිළිබඳ මේ දිනවල මාධ්‍ය මඟින් විවිධ අඳහස් පලවන බැවින් ඒ පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කරමින් අද (20) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යාංශ ප්‍රකාශයක් කරමින් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලපිටිය මහතා මේ බව පැවසී ය.
මෙම බලාගරය මෙ.වො 900ක ධාරිතාවය මුළුමනින් ම ක්‍රියාත්මක කිරීමට ගල් අඟුරු මෙ.ටො. ලක්ෂ 22ක් පමණ අවශ්‍ය වේ. මෙම තොගය ප්‍රවාහනය කළ හැක්කේ මුහුද
රළු නොවන වසරේ සැප්තැම්බර් මස සිට අප්‍රේල් දක්වා මාස 6,7 ක කාල සීමාවක් තුළ පමණි. මෙම විශාල අභියෝගය ජයගත යුතුව ඇත.
2009 ප්‍රථම ටෙන්ඩරය සඳහා එක් ටෙන්ඩර්කරුවෙකු පමණක් ලංසු ඉදිරිපත් කිරීම සහ ඉතා ඉහළ මිලක් ඉදිරිපත් කර තිබූ නිසා ටෙන්ඩරය අවලංගු කිරීමට සිදු විය.2014 නොවැම්බර් මස ටෙන්ඩර් කැඳවූ අතර සමාගම් 8ක් විසින් ටෙන්ඩර් ඉදිරිපත් කර ඇත.මෙය ජාතික වටිනාකමකින් යුත් ටෙන්ඩරයක් බැවින් ටෙන්ඩර් ප්‍රදානයේ දී ජාතික යහපත සාක්ෂාත් කරගැනීම උදෙසා අමාත්‍ය මණ්ඩල තීරණය අනුව යමින් අමාත්‍ය මණ්ඩලයේ ද අනුමැතිය ලබාගෙන තරඟකරීත්වය වැඩි කිරීම සඳහා එම සමාගම් 4 ද නැවත ටෙන්ඩර් ඇගයීමට ඇතුළත් කර ගැනීමට ටෙන්ඩර් මණ්ඩලය කටයුතු කර ඇත.
අධිකරණය මෙම ටෙන්ඩර් පටිපාටිය ගැන පෙන්වා දී ඇති කරුණු ලලිත් ආර් ද සිල්වා කමිටුවේ ද විශේෂ අවධානයට යොමු වී ඇති අතර, මෙම ටෙන්ඩරය ගැන
පමණක් නොව සමස්ත ටෙන්ඩර් පටිපාටිය සඳහා ද විහිදී ගිය හුදු කරුණු ලෙස සඳහන් කර ඇත.
මෙම කාරණය පිළිබඳව ජනාධිපතිතුමා විසින් පත් කරන ලද කමිටුව මඟින් ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශය, ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලියේ දී ඉහත වාර්තාවල සඳහන්
අඩුපාඩු සම්පූර්ණ කර නිවැරැදි ක්‍රමවේදයන් අනුගමනය කිරීමට අප අමාත්‍යාංශය කටයුතු කරන බව සඳහන් කරමි.
මෙම ටෙන්ඩර් ක්‍රියාවලිය තුළින් තවදුරටත් රටට අලාභයක් සිදු වී ඇත්දැයි සොයාබැලීමට මා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට යෙදුණි.
කමිටුවේ වාර්තාව ලද පසුව අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට බලාපොරොත්තු වන අතර, අවසන් තීරණය ගැනීම සඳහා කෙටි සාධාරණ කලයක් අවශ්‍ය වන්නේ විශේෂයෙන් ම
මෙම ටෙන්ඩර් ක්‍රියාවලිය තුළ කිසිවෙකු වරදක් කර ඇත්නම් ඊට නිසි පියවර ගැනීම මෙන් ම යම් කිසිවෙකු සාධාරණ අරමුණු පෙරදැරිව සද්භාවයෙන් ක්‍රියාකර ඇත්නම් ඒ
පිළිබඳව ගැඹුරින් සොයාබලා කටයුතු කිරීම එකසේ වැදගත්.
එවැනි ප්‍රවේශයක් දේශපාලඥයින්ට රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම සමස්ත ප්‍රජාවට ම හිමිවිය යුතු පොදු අයිතිවාසිකමක් ලෙස මම සළකන්නෙමි. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දී විවාදයක් වුවද ලබාදීමට සූදානම් යැයි ද අමාත්‍යවරයා පැවසී ය.