ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    ඉන්දියානු ධීවර ගැටලුව සාකච්ඡා මට්ටමින් විසඳාගැනීම බලාපොරොත්තුවයි

    දෙසැම්බර් 06, 2016

    ඉන්දියානු ධීවර ගැටලුව සාකච්ඡා මට්ටමින් විසඳාගැනීමට බලාපොරොත්තු වනබව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද මරවීර මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව අද (06) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, ධීව හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ විවාදයට අඳහස් දක්වමිනි.

     

    ධීවර කටයුතුවල පවුල් පන්ලක්ෂ හැත්තෑපන්දහසක් ධීවර කටයුතුවල යෙදෙනවා.මෙක්ට්‍රික් ටොන් පන්ලක්ෂ විසිපන්දහසක් මත්ස්‍ය අස්වැන්නක් වාර්ෂිකව ලබාගන්නවා. ධීවර අමාත්‍යාංශය භාරගන්නකොට අභියෝග දෙකක් තිබුණා. අපිට ධීවර අමාත්‍යාංශයට තිබූ අභියෝගය යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම සහ ඉන්දිය ධීවරයන් කරන අනවසර පන්න ක්‍රමය නතරකර ගැනීම.

    යුරෝපා මත්ස්‍ය තහනම අපිට ඉවත් කරගැනීමට හැකි වුණා. ජනාධිපතිතුමා බටහිර රටවල් සමඟ පැවැත්වූ සුහඳතාවය නිසා අපිට ඉක්මන් කරගන්න හැකි වුණා. විශාල කැපවීමක් ඒ සඳහා සිදු කළා. මත්ස්‍ය කර්මාන්තයේ අභිවෘද්ධියට ලැබුණු  සහනයක් නොව රටක් ලෙස පිළිගෙන තිබෙනවා, අපේ රට සමඟ සුහඳව කටයුතු කරන්නට.

     

    ඉන්දියානු ධීවර ප්‍රශ්නය, තවම අපිට සම්පූර්ණ කරගැනීමට නොහැකි වී තිබෙනවා. අපි මේ අමාත්‍යාංශයට ආ වෙලාවේ සිට එක බෝට්ටුවක්, දැල් ආම්පන්න නිදහස් කළේ නෑ. වැටලීම් කටයුතු අඛණ්ඩව සිදු කළා. සියයට පනහකට වැඩි ප්‍රමාණයක් විසඳී තිබෙනවා. ඉන්දියාවේ ධීවර ඇමැතුමාත්, විදේශ අමාත්‍යතුමියත් සමඟ සාකච්ඡා පවත්වා, මෙම ගැටළුව සාකච්ඡා මට්ටමින් විසඳා ගැනීමට කටයුතු කරනවා.  ජනවාරි මාසයේ ඉන්දීය ධීවර අමාත්‍යවරයා අතුළු පිරිසක් සම්බන්ධ වෙනවා. ඒහිදී අපි බලාපොරොත්තු වෙනවා, උතුරු කරයේ මති ඇමැතිවරු දේශපාලන අධිකාරියත් සම්බන්ධ කිරීමට.

     

    මන්නාරමේ පමණක් නොව හම්බන්තොට, මඩකළපුව ධීවර වගාකරුවන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. අපිට උතුරු කරයේ පමණක් නොව රටම  දියුණු කරගන්න හැකි අවස්ථාවක්. අපේ ඉලක්කය තිබෙන්නේ, ඉදිරිවසර දෙක තුන ඇතුළත මූල්‍යමය වශයෙන් ලංකාවට මසුන් ගෙන ඒමට යොදන මුදලට වඩා වැඩි මුදලක් අපි පිටරටට මසුන් යවලා සල්ලි ගන්න තත්ත්වයට පත් කරනවා. ධීවර අමාත්‍යාංශය ඉදිරියට  ගෙන යාමට පැහැදිළි වැඩපිළිවෙලක් තිබෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya