අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය පිළිබඳ අද(05) විවාදය ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ණය ප්‍රතිව්‍යුහගතකරණය ක්‍රියාවලිය ප්‍රමාද වන වීමෙන් පමණක් අමතර හිඟ පොලිය වශයෙන් ඩොලර් බිලියන 1.7ක් ගෙවීමට සිදු වන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.
දරාගත නොහැකි ණය කන්දකට අපි හිර වෙලා. ගත්තු ණය වලින් සැබෑ ලෙසම ආර්ථිකය ගොඩ නැගුවා නම් මේ වන විට එහි ප්‍රතිලාභ ලැබිය යුතුයි. මෙතෙක් කලක් ලබා ගත් ණය සැබෑ ලෙසම මේ රටේ නිෂ්පාදන ක්‍රියාවලියට දායක කර නොගත් නිසා තමයි ඒ ගත් ණය වල පොළිය නිර්මාණය වී තිබෙන්නේ.
“අතුරු සම්මත ගිණුමේ පළමු මාස හතර සඳහා පුනරාවර්ථන වියදම් (කුලී හැර) රුපියල් බිලියන 1000 කුත්, ප්‍රාග්ධන වියදම් සඳහා රු බි 425 කුත් විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අමතරව අනෙකුත් ණය සේවාකරණයට රු බි 1175 කුත් අවශ්‍යයි. ඒ අනුව මුළු ඇස්තමේන්තුව රුපියල් බිලියන 2600 ක්. රජයේ ආදායම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 1600 ක්. මූලික ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 1000 යි”