2025 වසරේ පළමු මාස 4 සඳහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය පිළිබඳ විවාදයට එක්වෙමින් කර්මාන්ත අමාත්‍යවරයා මේ බව පැවසීය.
ආර්ථිකය මෙතරම් කඩා වැටීමට හේතු වුණේ අපේ නිෂ්පාදන ආර්ථිකය බිඳ වැටීම නිසා බවත් ආර්ථිකයේ දිශානතිය පිළිබඳව සම්පූර්ණ වාර්තා විග්‍රහයක් එළඹෙන අයවැයේදී ඉදිරිපත්කරන බව අමාත්‍යවරයා පැවසීය. ආදායම වැඩි කර ගැනීමේ එකම විකල්පය විකිණීම නොවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසි විටෙක එසේ නොකී බවත්, එහෙත් හිටපු ආණ්ඩු එසේ කියමින් ජනතාව නොමග යැවූ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසූයේ අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනු ලැබූයේ ඒ පිළිඳව හොදින් දැනගන බවයි. එලෙස ඉදිරිපත් කිරීමේ හේතුව හොඳින් දැනගන මෙලෙස ප්‍රශ්න කිරීම සිදුකරනබවත් ඔහුකීය.රට අරාජික වන සටන් පාඨවලට ආණ්ඩුව ඉඩනොදුන් නිසා මේ සම්බන්ධව විපක්ෂය චෝදනා එල්ලකරන බවත් ඔහු වැඩිදුරටත් කීය.