නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ ලේකම් විනේ මෝහන් ක්වාත්‍රා මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව අද (11) පෙරවරුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ දී සිදු විය.
මේ වන විට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් පළමු වාරිකය පමණක් ලැබී ඇති අතර දෙවන වාරිකය මෙරටට නිකුත් කරන්නේ ඔවුන් ඉදිරිපත් කර ඇති කොන්දේසි කවර ප්‍රමාණයකට ඉෂ්ට කළේ ද, ඒ සඳහා සද්භාවයෙන් උත්සාහ ගෙන තිබේ ද, යනාදිය පිළිබඳව බැංකුවක් වශයෙන් සියුම් ලෙස සමීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ජාතික උවමනාවක් වෙනුවන් මෙන්ම ජාතියේත්, ජාතික ආර්ථිකයත් උදෙසා සිදු කරන කටයුත්තක් වෙනුවෙන්, රජයේ ප්‍රතිපත්තිමය තීරණයකට අනුව කැබිනට් අනුමැතියෙන් පඬු කරඳ ගස ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දුන් බවත්, පටු අරමුණු වෙනුවෙන් ක්‍රියාකරන ඇතැම් පිරිසකගේ අභිමතයට ඉඩ දිය නොහැකි බවත් ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.