ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය අතර සත්ත්ව පාලනය සහ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහයෝගිතාව සඳහා ඒකාබද්ධ අභිප්‍රාය ප්‍රකාශයකට අත්සන් තැබීමට කැබිනට් මන්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් නීතිවිරෝධිව රැදී සිටි ශ්‍රි ලාංකිකයින් 42කු ඊයේ දින (2023.07.10) අල් ජසීරා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මගින් දිවයිනට පැමිණි බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
බලපත්‍ර නොමැතිව, අවිධිමත් සහ අයථා ලෙස ධාවනය වන මගී ප්‍රවාහන බස් රථ සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
හම්බන්තොට දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීම සඳහා ''ප්‍රධාන සැලසුමක් '' (Master Plan ) සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.