සංචාරක ව්‍යාපාරය සඳහා කිරින්ද හම්බන්තොට හා දකුනේ ධීවර වරායන් රැසක් සංවර්ධනය කළ යුතු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසයි.
ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සඳහා සුදුසුකම් සපුරා ඇති පාරම්පරික වෛද්‍ය වෘත්තීකයින් 105 ක් සඳහා වෛද්‍ය ලියාපදිංචි සහතිකපත් ප්‍රදානය කිරීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) ප.ව. 02.00 ට නාවින්න, දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතන (NITM) ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
කොළඹ මහ නගර සභාවට අයත්, වසර කීපයක් අත්හැර විනාශ මුඛයට ලක්කර තිබූ කොළඹ ලුණුපොකුණ තෙමහල් ගොඩනැගිලි සංකීර්ණය කොළඹ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු යදාමිණි ගුණවර්ධන මහතා ප්‍රජාව සමඟ මැදිහත්වීමෙන් දින 30ක් ඇතුළත කොළඹ මහ නගර සභාවේ ක්‍රීඩා අංශය මගින් පිළිසකර කර, කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පවත්වාගෙන ගිය ග්‍රාම නිලධාරී ඇතුළු මහජන සේවා පහසුකම් රැසක්, යළිත් ලුණුපොකුණට ගෙනඒම, පසුගිය සතියේ සිදු කෙරිණි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.