මෙම වසරේ මැයි මාසය වන විට රුපියල් බිලියන 792ක මුදලක් විදෙස් ගත ශ්‍රමිකයින් මෙරටට ප්‍රේෂණය කර ඇතැයි ,විදෙස් රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.
තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ශණය කර ගැනීම සඳහා වන තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ සටහන හෙට (10) හම්බන්තොටින් ඇරඹේ.
ලබන සතියේ සිට යූරියා සහ බන්ඩි පොහොර අඩු මිලට ලබා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
දැනට පවතින බදු ගොනු සංඛ්‍යාව දශ ලක්ෂය දක්වා ඉහළ නංවමින් බදු නොගෙවන පිරිස බදු ජාලයට ඇතුළත් කර ගැනීම රජයේ අපේක්ෂාව බව මුදල් රාජ්‍ය ඇමැති, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.