ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ 2022 වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව එහි සභාපති ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා විසින් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත (01) ජනාධිපති කාර්යාලයේ දී නිල වශයෙන් පිළිගැන්වීය.
පොසොන් පොහොයට අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන් තම ආරක්ෂාව ගැන සැළකිළිමත් වන්නැයි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා පවසයි. දිය නාන පිරිස් වල ආරක්ෂාව සඳහා විශේෂ කණ්ඩායම් යොදවා ඇති බවත් , ඒ අය විසින් පෙන්වන ස්ථාන වල පමණක් දිය නාන ලෙසද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය යහපත් මාර්ගයට ගැනීම සදහා අවශ්‍ය මූලික සාධනීය පියවරයන් රැසක් මේ වන විට ගෙන තිබීම අගය කරන බවද නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරයා පවසයි.
අපනයනය සිදු කරන ව්‍යවසායකයන් දිරිමත් කිරීම, නව අදහස් හඳුනා ගැනීම හා ඒවා සාකච්ඡා කරමින් අපනයනය සඳහා යොමු කිරීම , ව්‍යවසායකයප්‍රජාව අතර සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය “EDB Open Day”එක්දින වැඩසටහනක් සංවිධානයකර ඇත.