ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන් පවත්වන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට (03) යෙදී තිබේ.
හෙද සේවාව සදහා සිසු හෙද හෙදියන් 3316 දෙනෙකු කඩිනමින් බඳවා ගැනීම සදහා දිවයින පුරා සියළු හෙද පුහුණු විද්‍යාලයන්හි පහසුකම් ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා (30) අදාළ නිලධාරින්ට උපදෙස් ලබාදුන්නේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙකු සහ හිටපු කැබිනට් අමාත්‍යවරයකු වූ දිවංගත රෙජී රණතුංග මහතාගේ 15 වන ගුණ සැමරුම (31) ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් උඩුගම්පොළදී පැවැත්විණි.