පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂයෙන් දිවයින පුරා පිහිටුවා ඇති පොසොන් කලාප ආශ්‍රිතව පළාත් පාලන ආයතන සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සමග ඒකාබද්ධව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දිවා රෑ සේවයේ යොදවා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.
ඉන්දියාවේ නැගෙනහිර ඔඩීෂා ප්‍රාන්තයේ සිදුවූ ඛේදනීය දුම්රිය අනතුර සැලවීමෙන් තමා මහත් කම්පනයට පත්වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
නිරිත දිග මෝසම ඉදිරි දින කිහිපයේදී දිවයිනේ ක්‍රමයෙන් ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පාර්ලිමේන්තු මහලේකම් ධූරයට පත් වූ කුෂානි රෝහණදීර මහත්මියට ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය ජූලි චංග් මහත්මිය සුබ පතයි.