ශ්‍රී ලංකා නාවික හමුදාව, කෝකිලායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ එම කලපු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් සහ තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් විසි දෙනෙකු (20) සමඟ ඩිංගි යාත්‍රා අටක් (08) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඉදිරි දෙවසර තුළ අධිකාරිය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට සැලසුම් සකස්කර අවසන්...
රුමේනියා රටේ රැකියා ලබා දෙන බව පවසමින් කොළඹ ප්‍රදේශයේ තරුණයින් පස් දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් වංචා කළ බවට සැකපිට කොලොන්න ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බත්තරමුල්ල ප්‍රදේශයේ සුප්‍රසිද්ධ හෝටලයක රැදී සිටියදී අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයයේ විශේෂ විමර්ශන අංශය සමත්විය.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නෙත්තිපොළගෙදර ග්‍රාමසේවා වසමේ පිහිටා ඇති නෙත්තිපොළගෙදර විහාරයෙහි විහාර මන්දිරය ප්‍රතිසංස්කරණය කර අවසන් බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.