ගල්ඔය පාරිසරික වනෝද්‍යානයේ නව පිවිසුම් දොරටුව සහ සංචාරක බංගලා දෙකක් විවෘත කිරීම වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතීඥ පවිත්‍රා දේවිවන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදු විය.
පඬුවස්නුවර පුරාවිද්‍යා පරිශ්‍රයෙහි විනාශ වෙමින් පැවැති ඉපැරණි බුදු පිළිම වහන්සේ ප්‍රතිනිර්මාණය කර සැදැහැවතුන් සඳහා වන්දනාමාන කිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇතැයි බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.
නැගෙනහිර පළාත් සභාවේ අමාත්‍යාංශවල ලේකම්වරුන්ගේ සහ ආයතන ප්‍රධානීන්ගේ විශේෂ හමුවක් පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (8)පස්වරුවේ ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.
ඩෙංගු රෝගී තත්ත්වයේ වැඩිවීමක් පෙන්නුම් කෙරෙන ගම්පහ දිස්ත්‍රික්කය තුළ විශේෂිත ඩෙංගු මර්දන වැඩසටහනක් කඩිනමින් ක්‍රියාවට නැංවීමට පියවර ගැනෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.