ශ්‍රී ලංකාවේ සිව් වරක් අග්‍රාමාත්‍ය පදවියට පත් වූ එක්සත් ජාතික පක්ෂයේ නායකයෙකු වූ ගරු ඩඩ්ලි සේනානායක මහතා දිවංගත වී වසර 50ක් සපිරීම අප්‍රේල් 13 වෙනිදාට යෙදේ.
අපොස උසස් පෙළ විභාගය අවසන් වී මේ වන විට දින 54ක් ගත වී ඇතත් එම පිළිතුරු පත් ඇගයීම ආරම්භ නොකිරීම හේතුවෙන් සමස්ථ අධ්‍යාපන ක්‍රියාවලියම අසමතුලිතතාවයකට පත්ව ඇතැයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
උත්සව සමයේ ව්‍යාජ මුදල් සංසරණය විය හැකි බැවින් මුදල් පරිහරණය කිරිමේදී ඒ පිළිබඳව විමසිලිමත් වන්නැයි පොලීසිය ජනතාවට දැනුම් දෙයි.
මේ වනවිට රටේ පවතින වනගහනයට සාපේක්ෂව වන සත්ව ගහනය ඉහළ ගොස් ඇති බැවින් කෘෂිකර්ම අමාත්‍යාංශයට අනුබද්ධව ගොවිජන- වනසත්ව ගැටුම් කළමනාකරණය සඳහා වන ඒකකයක් Agrarian – Wildlife Conflict Management Unit ස්ථාපිත කරන ලෙස හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය නිර්දේශ කර ඇත.