සංවර්ධනය උදෙසා චිනය ගන්නා ක්‍රියාමාර්ග ක්‍රමයෙන් ධනාත්මක වෙමින් පවතින නිසා මේ වන විට චිනය ලෝකයේ දෙවන ආර්ථික බලවතා බවට පත්ව තිබේ. විවිධ යුධ සමයන් ගෙවා දමමින් අන්ත දුගී ජනතාවෝ ලක්ෂ ගණනින් සිටි චීනය අද වන විට ක්‍රමයෙන් සිය රටේ දුප්පත් කම තුරන් කරමින් රටෙහි සංවර්ධනය සාක්ෂාත් කරමින් සිටී.
බස්නාහිර, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වල මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
විදේශ රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් විදේශ ගතවන ශ්‍රි ලාංකිකයින්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පළමු ලියාපදිංචිය හා තමන් විසින් මීට පෙර ලබාගත් ලියාපදිංචිය දීර්ඝ කර ගැනීම සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්කිරීම සඳහා පහසුකම් සැලසීමට කාර්යාංශය මේ වන විටත් අවස්ථාව සලසා දී ඇත.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරිය අතර 2020 වසරේ ඇතිකර ගත් ගිවිසුම ප්‍රකාරව ශ්‍රි ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවේ.
ඒ අනුව සාත්තු සේවා රැකියා වරම් ලැබූ 49 වන කණ්ඩායම ලෙස රැකියාලාභීන් හය දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු හා බඳවාගැනීම්) සෙනරත් යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.03.24 දින සිදුකරන ලදී. මොවුන් 2023.03.28 දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.
2022 අප්‍රේල් 28 දින සිට මේ දක්වා ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 277කු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටව ගොස් තිබේ. සාත්තු සේවා වෘත්තියෙන් උසස් ගුණාත්මකතාවයකින් යුතු මානව සම්පත සපයන පලමු රටලෙස ශ්‍රි ලංකාව පත්කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ අපේක්ෂාව වන අතර, ඒ වෙනුවෙන් අවශ්‍ය පුහුණු පාඨමාලා හදුන්වාදෙමින් යුරෝපා, මැදපෙරදිග හා නැගෙනහිර ආසියානු රටවල රැකියා අවස්ථා වැඩි වශයෙන් ශ්‍රි ලාංකිකයින් හට ලබාදීමට මේ වනවිට පියවර ගෙන ඇත. පසුගියදා ඊශ්‍රායල් දූත පිරිසක්ද අමාත්‍යවරයා හමුවූ අතර, එහිදී ශ්‍රි ලාංකිකයින් 2000ක පිරිසකට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා ලබාගැනීම සඳහා දෙපාර්ශවයේ අවධානය යොමුවිය.
ඒ අනුව රැකියා ලබා දීම දෙරට අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් සිදුවන බැවින්, රැකියා ලබාගැනීම සඳහා අවශ්‍ය තොරතුරැ www.slbfe.lk වෙබ්අඩවිය මගින් සහ ක්ෂණික ඇමතුම් 1989 මගින් ලබාගන්නා ලෙසත්, කිසිඳු බාහිර පුද්ගලයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමෙන් වලකින ලෙසත් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.