ගෝලීය ප්රතිචක්රීයකරණ දිනය මාර්තු මස 18 දින
චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු පොලිස් නිල ඇඳුම් රෙදි තොගයක් නිල වශයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙත භාරදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
අපනයන ආර්ථිකයක් කරා යාමේ රජයේ වැඩපිළිවෙළට දායක වෙමින් දේශීය ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් නගාසිටුවීමට ලංකා බැංකුව දියත් කර ඇති වැඩසටහන යටතේ මෙරට සිය නිෂ්පාදන කටයුතු ආරම්භ කල සෙනාරෝ මොටර් කම්පැනි පුද්ගලික සමාගම විසින් නිෂ්පාදනය කළ නවතම මෝටර් සයිකල් කිහිපයක් ජනාධිපති කාර්යාලය වෙත පරිත්‍යාග කිරීම (15) පෙරවරුවේ සිදු විය.
ස්ව භාෂාවෙන් (සිංහල/ දෙමළ) විභාග සදහා පෙනී සිටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිසුන්ට දැනට මතුවී ඇති ගැටලුව විසඳීම සදහා කඩිනමින් පියවර ගන්නා බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.