වී ගොවීන්ට කාබනික හා කොම්පෝස්ට් පොහොර අවශ්‍ය නැත්නම් ඒ සඳහා ලබා දුන් විශාල සහනාධාර මුදල තේ හා එළවළු වගාවට ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම් වේ.
දිවයින තුළ අත්‍යවශ්‍ය සේවාවන් හරියාකාරව පවත්වා ගැනීම සඳහා සහ ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අඛණ්ඩව දුම්රිය සේවාව පවත්වාගෙන යාමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය කඩිනම් පියවර ගෙන ඇත.
කරුංකා අපනයනය ස්ථාවර කිරීම වෙනුවෙන් අවශ්‍ය ප්රතිපත්තී තීරණ ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය වෙත යොමුකළ බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා (13) වෙළෙඳ අමාත්‍යාංශයේ දී කරුංකා අපනයනකරුවන් සමඟ පැවැති සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශ කළේය.
ප්‍රතිපත්ති පොලී අනුපාතය හා අනෙකුත් පොලී අනුපාතයන් පාලනය කරන්නේ පවත්නා රජය නොව ශ්‍රී ලංකා මහ බැංකුව බවත්, පොලී අනුපාතය අඩුකිරීම හෝ වැඩි කිරීම මහ බැංකුවේ කටයුත්තක් බවත්, , ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.