ඛනිජ තෙල් බෙදාහැරීම පුළුල් කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත්, ඒ සඳහා වන විධිමත් වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
නාගරික සංවර්ධන අධිකාරියේ අවසරය මත කොළඹ ඉදිකිරීම් ආරම්භකොට එහෙත් ඉදිකිරීම් අවසන් කොට නොමැතිව අත්හැර දමා ඇති ගොඩනැගිලි සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සදහා අදාළ පාර්ශව සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගියදා (10) පාර්ලිමේන්තුවේදී පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේය.
ශ්‍රී ලංකා - යුරෝපා සංගම් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිනිය ලෙස අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය පසුගියදා (09) තේරීපත් වූවාය.