දිවයිනට ඊසාන දෙසින් කි.මී. 800 ක් පමණ දුරින් මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින පීඩන අවපාතයක තවදුරටත් වර්ධනය වෙමින් ඇති අතර මෙමගින් දිවයිනට සෘඡු බලපෑමක් නොමැති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ අභවප්‍රාප්ත වීම හේතුවෙන් රජය විසින් සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ගෝලීය තරුණ සංවර්ධන දර්ශකය අනුව, 2016 වසරේ දී රටවල් 183ක් අතරින් ශ්‍රී ලංකාව 31 වැනි ස්ථානයට පැමිණ ඇති බවත්, ආසියාවේ රටවල් ගණනාවක් අභිබවා ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණීම මෙරට තාරුණ්‍ය ලැබූ ජයග්‍රහණයක් බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.
බෙංගාල බොක්ක ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පැවති කැළඹිලි තත්ත්වය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.