ජාතියෙන් සමුගත් පණ්ඩිත් ආචාර්ය ඩබ්ලිව්.ඩී. අමරදේව මහතා වෙනුවෙන් ස්ථාපිත කිරීමට නියමිත ''පණ්ඩිත් අමරදේව සංගීත ආශ්‍රමය'' පිහිටුවීම සඳහා රුපියල් මිලියන 25ක් මෙවර අයවැයෙන් වෙන් කර තිබේ.
2017 විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව අද (10) මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
රණවිරුවන් සඳහා සුරැකුම් දීමනාව ලබාදීමට රුපියල් මිලියන 3500ක් වෙන් කර තිබෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
දිළිදු කම දුරලීම සඳහා වැඩපිළිවෙලක් කෙරෙහි සුවිශේෂී අවධානයක් 2017 ආරම්භයේ සිට අවධානය යොමු කරනු ලබන බවත් සියලු ශ්‍රී ලාංකිකයන්ට වඩා යහපත් හෙට දිනයක් ලබාදීම තහවුරු කිරීම සඳහා ජාතික සංවර්ධන උපාය මාර්ග සකස් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.