වප් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. පොහොය දිනය වෙනුවෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල ආමිෂ හා ප්‍රතිපත්ති පූජා සඳහා ප්‍රමුඛත්වයක් ලබාදී ඇත.
ඉන්දියාව සමඟ අත්සන් කිරීමට නියමිත එට්කා හෙවත් ‘ඉන්දු-ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම’ හරහා ඉන්දියානු වෘත්තිකයන්ට මෙරට රැකියා වෙළඳපොළ තුළට ස්වාධීනව මැදිහත්වීමට ඉඩ ලබා නොදෙන බවත්, එමගින් මෙරට වෘත්තිකයන්ට බලපෑමක් සිදු නොවන බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.
ඖෂධ හිඟයකින් තොරව ලබාදීම සඳහා හඳුන්වා දුන් මෘදුකාංගයට සෞඛ්‍ය සේවාවට අදාළ වෛද්‍ය උපකරණ ද ඇතුළත් කර යාවත්කාලීන කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීයවෛද්‍ය අමාත්‍ය දොස්තරරාජිත සේනාරත්න මහතා වෛද්‍ය සැපයුම් අංශයට උපදෙස් ලබා දී තිබේ.
කිසිඳු පුද්ගලයෙකුට සංචාරක වීසා මත රැකියා සඳහා විදේශ ගත විය නොහැකි බවත් එසේ කරන පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය කි‍්‍රයාත්මක කරන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.