පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සෙමෝල් උන්ඩොන්ග් පදනමේ සභාපති ලී සුන්ග්- ජොන්ග් මහතා 2023 ජනවාරි 27 වැනි දින සෝල් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී කොරියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති සාවිත්‍රි පානබොක්කේ මහත්මිය හමුවිය.

    පාකිස්ථානයේ පැවැත්වීමට නියමිත "අමාන් - 2023" බහුපාර්ශවික සාගරික අභ්‍යාසය සඳහා සහභාගීවීමට සමුදුර නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

    ගිනිකොන දිග සහ ඊට යාබද නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින පීඩන අවපාතය (31) උදෑසන වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 340 ක් පමණ නැගෙනහිරදෙසින් අක්ෂාංශ 8.4°N සහ දේශාංශ 84.3°E ආසන්නයේ කේන්ද්‍රගතව පැවැති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    බොරැල්ල “ඕවල් වීව් රෙසිඩන්සිස්” රාජ්‍ය සේවක නිවාස ව්‍යාපෘතියේ නිවාසලාභීන් සදහා හිමිකම් ඔප්පු ලබා දීම ඇරඹේ. නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් (30) දින බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි එම අධිකාරියේදී එය ආරම්භ කෙරිණි.

    නාගරික සංවර්ධන අධිකාරිය විසින් ලබා දී ඇති නිවාස ව්‍යාපෘතිවල පදිංචි කරුවන් සඳහා හිමිකම් ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙලක් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මකයි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළද රජයේ මහල් නිවාසවල ජීවත්වන ජනතාවට කඩිනමින් නිවාස අයිතිය ලබා දෙන බව සදහන් කර තිබිණ.

    බොරැල්ල “ඕවල් වීව් රෙසිඩන්සිස්” රාජ්‍ය සේවක නිවාස ව්‍යාපෘතියේ නිවාසලාභීන් නිවාසලාභීන් 10 දෙනෙකු සදහා සංකේතාත්මක ව මෙහි දි හිමිකම් ඔප්පු ලබා දුන් අතර අනෙක් නිවාසලාභීන් සදහා කඩිනමින් ඔප්පු ලබා දීමට පියවර ගෙන ඇතැයි නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා පවසයි.

    නාගරික සංවර්ධන අධිකාරිය විසින් 2016 වසරේදී මෙම රාජ්‍ය සේවක නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර 2020 වසරේදී එහි ඉදිකිරීම් කටයුතු අවසන් කර තිබේ. මෙහි මුළු නිවාස ගණන 608 කි. මෙම නිවාස ව්‍යාපෘතිය මහල් 24 කින් සමන්විතයි.

    මෙහි වර්ග අඩි 678 ක නිවසක් (කාමර 2) රුපියල් ලක්ෂ 85 කි. වර්ග අඩි 850 ක නිවසක් (කාමර 3) රුපියල් ලක්ෂ 107 ක් වන අතර වර්ග අඩි 880 ක නිවසක් (කාමර 3) රුපියල් ලක්ෂ 111 කි. රාජ්‍ය සේවකයින් සදහා මෙහි නිවාස ලබා දී ඇත්තේ එකවර රුපියල් ලක්ෂ 10 ක් ලබා ගෙන ඉතිරි මුදල වසර 3 කින් ගෙවා අවසන් කිරීමේ පදනම යටතේයි.

    නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දේපළ හා ඉඩම් කළමණාකරණ) ඊ.ඒ.සී. ප්‍රියශාන්ත, අධ්‍යක්ෂ (නිවාස) එම්.එච්.වී. කුමාර් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya