ඇතැම් අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ සඳහා වරින්වර පැනවූ ආනයන අත්හිටුවීම් හේතුවෙන් මේ දක්වා කාලය තුළ ඩොලර් මිලියන 2,500ක මුදලක් ඉතිරි කිරීමට හැකි වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අනාවරණය කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මෙරට සාකච්ඡා සාර්ථක තත්වයෙන් ඇති බවත්, මෙරටට හිමිවන පළමු ණය වාරිකය නුදුරේදී ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
හතරවන හා පස්වන කාර්මික විප්ලවවල නව කර්මාන්ත තාක්ෂණය හා මුසුවූ ඩිජිටල් ආර්ථිකය අතික්‍රමණය කිරීමට අවශ්‍ය නවීන තාක්ෂණය මෙරට කර්මාන්ත තුළට හඳුන්වා දෙමින් රට තුළ කාර්මික අධ්‍යාපනික හා පුහුණු අවස්ථා වැඩිදියුණු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.