මෙම වර්ෂයේ දී දුම්රිය මෙහෙයුම් ලාභ පාඩු නොමැති තත්ත්වයට ක්‍රමානුකුල වැඩසටහනක් හා කැපවීමක් තුළින් දුම්රිය දෙපාර්තමේන්තුව පත් කර ගත යුතු බවත්, දුම්රිය සතුව තිබෙන වත්කම් දේපොළ නිසි පරිදි කළමනාකරණය කළ හොත් වඩා ඉහළ අදායමක් ලබන තත්ත්වයට පත් කර ගත හැකි වන බවත්, එමඟින් මහජනතාවට අනවශ්‍ය ආකාරයට අමතර බරක් හිස මත පැටවීම වැළක්වීමට හැකි වනු ඇති බවත් ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
අපනයන ආදායම වැඩිකර ගැනීමට නම් අප කැමති වුවද අකමැති වුවද කඩිනමින් ජාත්‍යන්තර වෙළඳපොළට ඇතුළත්වී නිදහස් වෙළඳ ගිවිසුම් හැකිතාක් ප්‍රමාණයක් ඇති කරගත යුතු බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.
මගනැගුම කාර්යාලයේ ඊයේ (2) ඇති වූ කලහකාරි සිදුවීම සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් කරන ලෙස පොලීසියට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇතැයි ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
පාසල්වල 2 සිට 11 දක්වා ශ්‍රේණිවලට (6 ශ්‍රේණිය හැර) සිසුන් ඇතුළත් කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීම සඳහා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ඉදිරිපත් කළ යෝජනාවට, කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අද(03)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.