බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ සහ අනුබද්ධ ආයතන කාර්ය මණ්ඩලය, අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සමඟ එක්වී 2023 නව වර්ෂයේ වැඩ ආරම්භ කළේය.
2023 ජනවාරි මස 02 වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
රාජ්‍ය සේවකයන් බියෙන් හා සැකයෙන් තොරව ජනතා හිතවාදී ලෙස තියෙන තීරණ ගැනීමට හැකි විය යුතු බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අන් කවරදාටත් වඩා අභියෝග රැසකට මුහුණදීමට සිදුව ඇති අවස්ථාවක රටේ උත්තරීතරම ආයතනයක කාර්ය මණ්ඩලය ලෙස ජනතා අපේක්ෂාවන් වගකීමෙන් ඉටුකිරීමට නව වසරේ පෙළ ගැසෙන මෙන් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද (02) පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය අමතමින් අවධාරණය කළේය.