මුහුදෙන් නෙලාගන්නා මත්ස්‍ය අස්වැන්න සුරක්ෂිතව ගෙඩබිමට ගෙන ඒම සඳහා නියමු ව්‍යාපෘතායක් ලෙස හඳුන්වා දුන් “සිසිලන පද්ධති සහිත බහුදින ධීවර යාත්‍රාව” මුහුදට යාත්‍රා කිරීම ජනවාරි මස 03දා (අද) දික්ඕවිට ධීවර වරායේ දකුණු පර්යන්තයේ සිදුවිනි.
ජනාධිපති අරමුදලේ කාර්ය මණ්ඩලය 2023 නව වසරේ රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට ආශිර්වාද පළ කරමින් පිරිත් සජ්ජායනයක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාගේ සහභාගීත්වයෙන් අද (03) එම කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද (ශීක්ෂණ) රෝහලේ වෛද්‍ය නිලධාරී ලෙස කටයුතු කළ වෛද්‍ය එච්.බී.කේ. අජිත් කුමාර මහතා ආයුර්වේද වෛද්‍ය සභාවේ අභිනව ලේඛකාධිකාරී තනතුරේ රාජකාරි ඊයේ (02) දින ආරම්භ කරන ලදි.
රාජ්‍ය දැව සංස්ථාව 2022 වසරේ ලාබ ලැබූ විශිෂ්ටතම හා එකම රාජ්‍ය ආයතනය ලෙස CNCL- Achiever of Industrial Excellence විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි.