ජපන් රජයේ අනුග්‍රහය යටතේ මෙරට ක්‍රියාත්මක කෙරුණු කාන්තා හා යොවුන් සෞඛ්‍ය වෙනුවෙන් වූ ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා මිතුරු පියස සහ යොවුන් පියස මධ්‍යස්ථාන 105 ක් පිහිටවනු ලැබ තිබේ.
දැනට වැඩ නවත්වා තිබෙන ලංකා ධීවර සංස්ථාවේ සතුව පවතින ගාලු ධීවර වරායේ අයිස් කර්මාන්ත ශාලාව පිළිසකර කර හැකි ඉක්මණින් ඇරඹීමට පියවර ගන්නා බව ඊයේ (16 දින ) එහි සංචාරය කළ ධීවර අමතාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කළේ ය.
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ පනත් කෙටුම්පතට අදාළව මූලික කටයුතු මේවන විට සිදුකර අවසන් බව ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වී කරනු ලබන වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අනාවරණය විය.
දිවයිනේ උතුරු , උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනය වීමක් අද දින සිට අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.