ජාතික ආහාර සුරක්ෂිතතාව හා පෝෂණ වැඩසටහනේ ගාල්ල දිස්ත්‍රික් ප්‍රගතිය සොයා බැලීමට විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (16)පෙරවරුවේ ගාල්ල හෝල් ඩි ගෝල් ශාලවේදී පැවැත්විණ .
ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම හා සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙතින් රජයේ ඒකාබද්ධ අරමුදලට පරිත්‍යාගයක්
නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.
සේවා කාලය නිමා කර සිය රට බලා නික්ම යන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් (Hanaa Singer) මහත්මිය අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.
හනා සිංගර් මහත්මිය සමග සුහද කතා බහක නරත වූ ජනාධිපතිවරයා එතුමිය ශ්‍රි ලංකාව වෙනුවෙන් කළ සේවය ඇගයීමට ලක් කරමින් ස්තූතිය පිරිනැමූ අතර ඉදිරි කටයුතු වෙනුවෙන් ද සුභාශීංසන පිළිගැන්වීය.
හනා සිංගර් මහත්මිය 2018 සැප්තැම්බර් 07 දා සිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරකවරිය ලෙස කටයුතු කළාය.