ශ්‍රී ලංකාව තුල පැවති අධික වායු දුෂණ තත්ත්වය මේ වනවිට පහව ගොස් ඇති අතර (09) උදැසන දත්තයන් ට සාපේක්ෂව නාගරික ප්‍රදේශ වල මධ්‍යස්ථ වායු දුෂණ මට්ටමක් පවතින අතර ග්‍රාමීය ප්‍රදේශවල වායු ගුණ තත්ත්වය හොද මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ඉතාලි - ශ්‍රී ලංකා සංස්කෘතික හුවමාරු වැඩසටහන ගැන ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පසුගිය දා (08) සෙත්සිරිපායේ පිහිටි බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික අංශයේ දී පැවැත්විණ.
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “මැන්ඩවුස්” සුළි කුණාටුව අද අළුයම් කාලය වන විට උතුරු තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ වෙරළ තීරය හරහා ගමන් කර ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
''කවුරු රට පාලනය කළත් මෙම ආර්ථික ප්‍රතිසංස්කරණය කළ යුතුයි. එය නොකර රට ඉදිරියට ගෙන යන්න බෑ'' යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි.