ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදු නොවෙනවා නම්, ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමට දකුණු කොරියානු ආයෝජකයින් විශාල පිරිසක් සිටින සූදානමින් බව, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා හමු වී දකුණු කොරියානු ආයෝජකයෝ ප්‍රකාශ කරති.
පරිසර අමාත්‍ය ඉංජිනේරු නසීර් අහමඩ් මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ මග පෙන්විම යටතේ පරිසර අමාත්‍යාංශයේ e - පුස්තකාලය මහජනතාව වෙත නිකුත් කිරිම ඊයේ (31) දින පරිසර අමාත්‍යාංශයේ දී සිදු විය.
සවුදි අරාබියෙහි ආරම්භ කිරීමට සැළසුම් කර ඇති දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘතිවල වෘත්තීය රැකියා අවස්ථා ලබා ගැනීමේ අරමුණෙන් සුදුසුකම්ලත් ශ්‍රි ලාංකිකයින්ගේ තොරතුරු එක්රැස් කිරීමේ වැඩපිළිවෙලක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ආරම්භ කර තිබේ.