නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ජනාධිපති ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට සියල්ල සූදානම් බව පාර්ලිමේන්තුව පවසයි
නිරිතදිග මෝසම් තත්ත්වයේ සක්‍රීයවීමක් සමග බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ නිරිත දිග කොටසේ වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් රත්නපුර, නුවරඑළිය, මාතර, කෑගල්ල, සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක සඳහා (02) ප.ව. 7.30 සිට (03) ප.ව. 7.30 දක්වා බල පැවැත්වෙන පරිදි අදියර 03 (රතු) මට්ටමේ නායයෑම් පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
මේ වන විට කොවිඩ් වසංගත තත්ත්වයේ යම් වැඩිවීමක් පෙන්නුම් කරන බැවින් එය පාලනය කිරීම සඳහා එන්නත්කරණය තවදුරටත් වේගවත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අදාළ නිලධාරීන් වෙත (02) උපදෙස් ලබා දුන්නේය.